මාර්ග අනතුරු තුනකින් ළමයින් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට

Friday, 23 September 2016 - 10:00

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
දිවයිනේ ප්‍රදේශ 3 ක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොතුවිල් - අක්කරපත්තු මාර්ගයේ කිලෝමීටර් 336 කණුව අසලදී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිවී සිදුවූ අනතුරකින් 30 හැවිරිදි යතුරුපැදිකරු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ වැල්ලෑව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දැරියක මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

ඊයේ සිදුවූ මෙම අනතුරින් 7 හැවිරිදි කුඩා දැරිය ජීවිතක්ෂයට පත්වූ අතර බරපතල තුවාල ලැබූ කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

බෙලිඅත්ත - කිරින්ද මාර්ගයේ - වත්තහේල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් ත්‍රිරෝද රථය පිටුපස ගමන් ගත් 6 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.