බංග්ලාදේශයේ මගී යාත්‍රා අනතුරකින් 18 දෙනෙකු මියයයි

Friday, 23 September 2016 - 10:04

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශයේ ගංඉවුරක් ආසන්නයේදී පෙරලූණු මගී යාත්‍රාවක සිටි පුද්ගලයන් 18 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ සොයා ගැණුනා.

බදාදා සිදුවූ මෙම අනතුරට හේතුව ලෙස සැලකෙන්නේ යාත්‍රාවට ප්‍රමාණය ඉක්මවා මගීන් පැටවීමයි.

මුහුදු මට්ටමින් පහළ රටක් වන බංග්ලාදේශය ගමනාගමනය සදහා ජල ධාරා උපයෝගි කර ගන්නා අතර මගී යාත්‍රාවල ආරක්ෂාව පිළිබදව සැලකිල්ලක් නොදැක්වීම නිසා මෙවැනි අනතුරු නිරන්තරයෙන් වාර්තා වනවා.