කළු ජාතිකයෙකුට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඇමරිකාවේ සුදු පොලිස් නිලධාරිනියට නඩු

Friday, 23 September 2016 - 10:38

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ තුල්සා හිදී කළු ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කළ සුදු ජාතික පොලිස් නිලධාරිනියකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට එරට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

සිය මෝටර් රථය අඩපණ වී ඒ අසල සිටි මෙම කලූ ජාතිකයා තමා වෙත තුවක්කුවක් එල්ල කළ අවස්ථාවේ ඔහුට වෙඩි තැබූ බව පොලිසිය ප්‍රකාශ කළ ද මියගිය පුද්ගලයාගේ පවුලේ අය සදහන් කළේ ඔහු නිරායුධව සිටියදී මෙලෙස පොලිස් වෙඩි පහරට ගොදුරු වූ බවයි.

මේ අතර, සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් තවත් කළු ජාතිකයෙකු මියයාමට එරෙහිව උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ චාලට් ප්‍රදේශයේ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.