LTTEය යුරෝපා සංගම් ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමට නිර්දේශ

Friday, 23 September 2016 - 12:06

LTTE%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
එල්.ටී.ටී.ඊ සංවිධානය යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට යුරෝපයේ ප්‍රමුඛතම අධිකරණයට උපදේශයක් ලැබී තිබෙනවා.

යුරෝපා සංගම් අධිකරණයේ අද්වකාත් ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ එල්.ටී.ඊ.ඊ සංවිධානය මෙන්ම, පලස්තීන හමාස් සංවිධානය ද යුරෝපා සංගම් ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවටයි.

එම සංවිධාන ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට රජයන් කටයුතු කර නොමැති බවයි යුරෝපා අධිකරණයේ උපදේශකවරයා දැනුම් දී ඇත්තේ.

මෙලෙස කරුණු ඉදිරිපත් කළ යුත්තේ යුරෝපා සංගමයේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉවත් කිරීම වළක්වාලූ රටවල් විසින්.

ඔවුන් ඒ සදහා කටයුතු නොකළහොත් යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ඊ.ඊ සංවිධානය ඉවත් කරනු ඇති බව ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙනවා.