අලි සුරැකීම දැඩි කිරීම පිළිබද මත දෙකක්

Friday, 23 September 2016 - 13:00

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
අලි ඇතුන් සුරැකීමේ නීති රීති දැඩි කිරීම තුළින් නීතිවිරෝධී ඇත්දළ ජාවාරමට ඉහළ වටිනාකමක් ලැබෙනු ඇතැයි සැක පළ වනවා.

මිහිපිටින් තුරන් වීමේ අවදානමට ලක්ව සිටින සත්ත්ව විශේෂ පිළිබද ජාත්‍යන්තර සම්මුතිය හෙවත් සයිට්ස් තුන් වාර්ෂික සමුළුව මෙම සති අන්තයේ ආරම්භ වීමට නියමිතයි.

ඒ සදහා රටවල් 183 ක නියෝජිතයන් සහභාගි වනවා.

එහිදී අලි ඇතුන් ආරක්ෂා කිරීම සදහා නීති රීති දැඩි කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර, එම පියවර ඇත්දළ වෙළදාමට වැඩි වටිනාකමක් ලබාදෙනු ඇති බවටයි බිය පළ වන්නේ.

කෙසේ නමුත් නවතම පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ අප්‍රිකානු අලි ඇතුන්ගෙන් සියයට 30 ක් පමණ පසුගිය සත් වසර තුළදී වදවී ඇති බවයි.