රේගු, දේශීය ආදායම් සහ සුරාබදු වෘත්තීය සමිති කොළඹදී විරෝධතාවක

Friday, 23 September 2016 - 13:52

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%2C+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
රේගු ආඥා පනත අහෝසි කර නව පනතක් ගෙන ඒමට සහ දේශීය ආදායම් පනත අහෝසි කර නව පනත් දෙකක් ගෙන ඒමටත් විරෝධය පළ කරමින් රේගු, දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව අද දහවල් කොළඹ - කොටුව ලේක්හවුස් වටරවුම ආසන්නයේ විරෝධතාවක් ආරම්භ කළා.

මෙම විරෝධතාවට එක්ව සිටින සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවසන්නේ නව සේවා ව්‍යවස්ථාවක් හදුන්වාදීමට එරෙහිව තමන් මෙම විරෝධතාවට එක්ව සිටින බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට රථවාහන තදබදයක්ද හටගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

යෝජිත නව රේගු පනතට විරුද්ධව, රේගු දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 5 ක් ගතවනවා.