දේශපාලනය ගැන ගෝඨාභය දෙගිඩියාවෙන්

Friday, 23 September 2016 - 18:45

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
තමන් භාවිත කරන ක්‍රමවේද දේශපාලන ගමනකට ගැලපේද යන්න පිළිබඳව තමන්ටම ගැටළු පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද මහනුවර දී මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රත්නපුරයේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැලිය පිළිබඳව ද මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළා.

ඔහු කියා සිටියේ තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.