පැහැදිලි ප්‍රතිපත්ති තුළින් ලෝකය ජය ගත හැකියි - ජනපති නිව්යෝක් නුවර දී මාධ්‍ය අමතමින් කියයි

Friday, 23 September 2016 - 19:15

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විදේශ පිළිවෙතේ සාර්ථකත්වය තුළින් රටේ අනාගතය සුබවාදී කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඊයේ නිව්යෝක් නුවර දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සමුළුව තුළ ලොව සියලු
රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකා රජයේ වර්තමාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රතිචාර දැක්වූ බවයි.

පැහැදිලි ප්‍රතිපත්තියක් මත කටයුතු කරයි නම්, ලෝකය ජය ගැනීම ගැටළුවක් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මෙවර සමුළුවේදී විශාල පිළිගැනීමක් ශ්‍රී ලංකාවේ දූත පිරිසට ලැබුණු බවයි එම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ.

ජගත් මහලේකම්වරයා සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන සිදුකළ ප්‍රකාශ විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පසුගිය දා දැක්වූ අදහස් සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් කරුණු විමසුවා.

එහිදී විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා නිවැරදිව කරුණු නොදැන අදහස් පළ කරන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය, බෝ නොවන රෝග දුරලීම හා පාලනය කිරීම වෙනුවෙන් පැවැත්වූ විශේෂ සැසි වාරයකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සහභාගි වුණා.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් චෑන් ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය අගය කර තිබුණා.