ලක්ෂ 3ක් මදි බව බන්දුල කියයි

Saturday, 24 September 2016 - 8:13

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පලා යාමට තැත් කළ LTTE  සැකකරුවෙකුට වෙඩි තැබූ බවට චෝදනා එල්ලවී LTTE සැකකරුගේ ඥාතීන්ට වන්දි ගෙවීමට නියමවූ හිටපු යුද හමුදා නිලධාරියා වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමේ ව්‍යාපාරය ඊයේ  මහනුවර දී ක්‍රියාත්මක වුණා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ තවත් ලක්ෂ 3ක පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය බවයි.

1998 වර්ෂයේ 12 වන ගැමුණු හේවා බලකායේ ලුතිනන් වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදි මේජර් විමල් වික්‍රමගේ අදාළ LTTE සැකකරුවා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු පලා යෑමට තැත් කිරීමේදී තැබූ වෙඩි පහරකින් මියගොස් ඇති අතර, ඊට අදාළව කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුව පසුගිය 31 වනදා අවසන් වුණා.

එහිදී අගතියට පත් පාර්ශවයේ ළඟම ඥාතියාට රුපියල් ලක්ෂ 20ක් වන්දි වශයෙන් ගෙවන ලෙසයි අධිකරණය මේජර් විමල් වික්‍රමගේට නියෝග කළේ.