සිරියාවේ සාමය උදෙසා ඇමරිකාව සහ රුසියාව ඇති කර ගත් සැලසුම් රැක ගත යුතුයි

Saturday, 24 September 2016 - 8:16

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
සිරියාවේ සාමය උදෙසා ඇමරිකාව සහ රුසියාව ඇති කර ගත් සැලසුම් රැක ගත යුතු බව රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov ඊයේ ජගත් සංවිධානය වෙත ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සිරියානු සාමය වෙනුවෙන් වෙනත් විකල්පයක් නොමැති බවයි.

කෙසේ නමුත්, ඇමරිකාව සහ රුසියාව මැදිහත් වී ඇති කර ගත් සිරියානු සටන් විරාමය පසුගිය සඳුදා බිද වැටුණු අතර, කැරළිකරුවන් අත පවතින ඇලෙප්පෝ නගරයට දැන් එල්ල වන්නේ දරුණු ගුවන් ප්‍රහාරයක්.

ඊයේ දිනයේදී පමණක් ගුවන් ප්‍රහාරවලින් ඇලෙප්පෝ නගරයේ ජීවිත හානි 40ක්, 90ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.

කැරළිකාර කණ්ඩායම් සටන් විරාමයේ කොන්දේසිවලට එකඟ කර ගැනීමට අපොහොසත්වීම පිළිබඳව රුසියානු විදේශ අමාත්‍යවරයා චෝදනා කළේ ඇමරිකාවටයි.

ඇලෙප්පෝ නගරය කේන්ද්‍ර කොටගෙන සිටින සන්නද්ධ කණ්ඩායම් සහ විපක්ෂයේ මධ්‍යස්ථ කණ්ඩායම් වෙන් කිරීම ඇමරිකාව සහ රුසියාව මැදිහත් වී ඇති කළ සටන් විරාමයේ කොන්දේසියක්.