කාන්තාවකට පහරදී අතක් කඩා දමයි

Saturday, 24 September 2016 - 8:51

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ඥාතීන් පිරිසක් තමන්ට පහර දී අතක් කැඩූ බව ගාල්ල - හදුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා.

පසුගිය 21 වන දා තමන් මෙම ප්‍රහාරයට ලක්වූ බවටයි ඇය ප්‍රකාශ කළේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තිරානගමගේ චතුරානි නමැති මෙම කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.

ඇය වැඩිදුරටත් චෝදනා කළේ හබරාදූව පොලීසිය මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුනොකරන බවයි.

මේ සම්බන්ධයෙන් හබරාදූව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙම චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙය දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් බවයි.

ඒ අනුව දෙපාර්ශවයටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියා සිටියා.