මුලතිව් හිදී කේරළ ගංජා කිලෝ 73ක් පොලිස් භාරයට

Saturday, 24 September 2016 - 9:20

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+73%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මුලතිව් - අම්බලන්පොක්කනේ ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 73ක් ත්‍රිරෝද රථයක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ත්‍රිරෝද රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි.

කෙසේ වෙතත්, පොලීසිය ත්‍රිරෝද රථයට ළං වෙත්ම එහි සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පැන ගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.