ජපාන අගමැති, ෆිදෙස් කස්ත්‍රෝ හමුවෙයි

Saturday, 24 September 2016 - 10:04

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%86%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කියුබාවේ සංචාරයක නිරත වූ ප්‍රථම ජපාන නායකයා ලෙස අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඊයේ හවානා නුවර දී කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ සහ ඔහුගේ සොහොයුරු කියුබානු විප්ලවයේ නියමුවා වූ ෆිදෙල් කස්ත්‍රෝ ද හමුවුණා.

එහිදී දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබදව නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

ඉහළ අධ්‍යාපනයක් සහ කුසලතාවයන් සහිත කියුබානු ජන කොටසට ජපානය වැදගත් වන අයුරින් කියුබාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජපානයට සහය විය හැකි බවයි අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පෙන්වා දී ඇත්තේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා සංවිධානයේ ස්ථීර ශාඛාවක් කියුබාවේදී පිහිටුවීමට ද මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.