ඇමරිකාවේ වොෂින්ටන් නුවර වෙඩි තැබීමකින් 4 දෙනෙකු මරුට

Saturday, 24 September 2016 - 11:21

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකාවේ වොෂින්ටන් නුවර බර්ලින්ටන් ප්‍රදේශයේදී සාප්පු සංකීර්ණයක ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වෙඩි තැබූ පුද්ගලයා සෙවීම සඳහා වොෂින්ටන් පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කළා.

මෙම සාප්පු සංකීර්ණයේ සිනමාහලක් තුළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.