තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 76ක් ඉදිරි සතියේ දිවයිනට

Saturday, 24 September 2016 - 12:37

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+76%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරුවල වාසය කළ තවත් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 76 දෙනෙකු ඉදිරි සතියේ දිවයිනට පැමිණෙනවා.

ඔවුන් ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 41 දෙනෙකුගෙන් සහ 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් ලෙසයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මෙම සරණාගතයන් පිරිස ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිළිබදව එක්සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස් කාර්යාලය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් වී. සිවගනසෝති ප්‍රකාශ කර ඇත්තේ මෙම ශ්‍රී ලාංකික සරණාගතයන් වව්නියාව, මන්නාරම, මාතලේ, මුලතිව්, ත්‍රිකුණාමලය සහ යාපනය යන ඔවුන් මීට පෙර ජීවත් වූ ප්‍රදේශවල නැවත පදිංචි වනු ඇති බවයි.

ඉන්දියාවේ සරණාගත කදවුරුවල වාසය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන සරණාගතයන්ගේ ජීවිකා වෘත්තීන් සහතික කිරීම සඳහා අවශ්‍ය සහාය සැපයීමට කැබිනට් පත්‍රිකාවක් ද පසුගිය දා ඉදිරිපත් කරනු ලැබුවා.

මොවුන්ට මාස 6ක කාලයක් සඳහා වියළි සලාක ලබාදෙන අතර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නිවාස වැඩපිළිවෙල මගින් නිවහන් ලබාදීමට නියමිතයි.