උතුුරේ කේරළ ගංජා ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් හෙළිවේ

Saturday, 24 September 2016 - 12:41

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
උතුරු ප්‍රදේශයට ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා රැගෙන ඒමේ ජාවාරම පිළිබදව ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ද සහාය ඇතිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ වන විටත් මෙම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකීය සහ ඉන්දියානු පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවයි.

ඊයේ දිනයේදී ද මුලතිව් - අම්පලවාන්පොක්කනේ ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 73ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්තා.

ඒ, මුලතිව් පොලීසියට ලද තොරතුරකට අනුවයි.

මෙම වැටලීම සිදුකිරීමට යාමේදී කේරළ ගංජා තොගය සමග සිටි පුද්ගලයන් 3 දෙනෙකු පළා ගොස් තිබුණා.

මේ අතර ගත වූ මාසයක කාලසීමාව තුළ කන්කසන්තුරේ ප්‍රදේශයේ පමණක් කේරළ ගංජා ජාවාරම සම්බන්ධ වැටලීම් 4ක් සිදුකර තිබෙනවා.

පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී ද පසුගිය අගෝස්තු 20 වන දා රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 130කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ සමග මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ වාර්තාවලට අනුව පසුගිය මාස කිහිපය තුළ යාපනය අර්ධද්වීපයේ පමණක් කේරළ ගංජා ජාවාරම සම්බන්ධයෙන් වැටලීම් 67ක් සිදුකර තිබෙනවා.