රේගුව සඳුදා වනවිට යථා තත්ත්වයට

Saturday, 24 September 2016 - 12:51

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ප්‍රමාද වූ රේගු නිශ්කාශන කටයුතු ලබන  සදුදා වන විට යථා තත්ත්වයට පත් කිරීමට රේගු නිලධාරින් එකඟ වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව පවසනවා.

රේගු නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසුණේ යෝජිත නව රේගු පනතට විරෝධය පළ කරමින්.

ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ අවසන් කළේ රේගු, සුරාබදු සහ දේශීය ආදායම් ඒකාබද්ධ විරෝධතාවට එක්වීමෙන් අනතුරුවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ දින 5ක් තිස්සේ රේගු වෘත්තීය සමිති දියත් කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු සටහන්කර 2000 ක් පමණ ප්‍රමාද වූ බවයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක ලබන අඟහරුවාදා තමන්ට සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් තාවකාලිකව වර්ජනය අත්හිටුවූ බවයි රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති ආචාර්ය එන්.එස් කුමාරනායක හිරු ප්‍රවෘත්ති අංශය කියා සිටියේ.