රිටිගල රක්ෂිතයේදී වනජීවි නිලධාරීන්ට පහර දුන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

Saturday, 24 September 2016 - 13:08

%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රිටිගල වනජීවි දැඩි රක්ෂිතයේ දඩයක්කරුවන් පිරිසක් වැටලීමට ගිය වනජීවි නිලධාරීන්ට පහර දුන් බවට සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඩයම්කරුවන් 3 දෙනෙකු ඉත්තෑවන් හා මීමින්නන් දෙදෙනෙකු දඩයම් කර රිටිගල රක්ෂිතයේ සිටින බවට ලද තොරතුරක් මතයි වනජීවි නිලධාරීන් එහි ගොස් ඇත්තේ.

මෙහිදී ඔවුන් එක් සැකකරුවෙකු සහ ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා පළා ගොස් ඇති අතර, ඔවුන් අසළ ගම්වාසීන් පිරිසක් ද සමඟ නැවත පැමිණ වනජීවි නිලධාරීන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගත් සැකකරු හා ගිනි අවි දෙක මෙන්ම දඩයම් කරන ලද සතුන් ද වනජීවි නිලධාරීන් වෙතින් රැගෙන පළා ගොස් තිබෙනවා.

වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.කේ. පතිරත්න කියා සිටියේ පහරකෑමෙන් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් තුන්දෙනෙකු කැකිරාව රෝහල වෙත ඇතුළත් කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව මහේෂ්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පළාගිය සැකකරු සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව කැකිරාව පොලීසිය සඳහන් කළා.