නිදහස් පක්ෂය අලූත් සැලසුමක් සොයයි

Saturday, 24 September 2016 - 18:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂය සමඟින් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වූවද ඒ සඳහා ඔවුන් සූදානම් නොමැතිවීම හේතුවෙන් පක්ෂය නව සැලැස්මක් යටතේ ඉදිරියට යා යුතු බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එප්පාවල අද පැවති පළාත් පාලන නියෝජිත හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග උඩුගම්පොල අද (24) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ නව පක්ෂය ආරම්භ කිරීම ජනතා උනන්දුව මත තීරණය වන බවයි.