ඒකාබද්ධ විපක්ෂයට යළිත් නඩු නිමිත්තක්

Saturday, 24 September 2016 - 18:07

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුව මෙවරත් කැබිනට් අනුමැතියකින් තොරව නිකුත් කර ඇති වැට් ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගය ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින්.

කෙසේ වෙතත් මෙරට ආර්ථිකය බිඳ දැමූ කණ්ඩායම් නැවතත් ගැටලූකාරි තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක  ප්‍රකාශ කළා.

ත්‍රිකුණාමලය වරායේ නිරීක්ෂණ චාරිකාවකට අද (24) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.