සාමය තහවුරු කිරීමට බලවත් රටවල දායකත්වය වැඩිවිය යුතුයි - විදේශ ඇමති මංගල

Sunday, 25 September 2016 - 6:38

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
දිගු කාලීන ගැටුම්වලට මුහුණදී සාමය තහවුරු කිරීමට උත්සාහ කරන රටවල් සදහා බලවත් රටවල මූල්‍ය දායකත්වය ඉහළ නැංවිය යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුවට සමගාමීව පැවති ආධාර සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජගත් මහලේකම්වරයා විසින් ස්ථාපිත කරන ලද සාමය ගොඩනැගීමේ අරමුදලට පොරොන්දු වූ දායකත්වය බලවත් රටවලින් මෙතෙක් හිමිවී නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

පසුගිය 2015 වසරේදී බලයට පැමිණි ශ්‍රී ලංකාවේ නව රජය දිගුකාලීන සාමය තහවුරු කිරීම සදහා සංහිදියාව ගොඩනැගීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ජගත් මහලේකම්වරයාගේ සාමය ගොඩනැගීමේ අරමුදලෙන් උපකාර ලැබිය යුතු රටක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කර තිබෙනවා.

එමගින් ලැබුණු ආධාර මත උතුරේ නැවත පදිංචි කිරීම් 7000 ක් පමණ සිදුකිරීමට හැකිවී ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

කෙසේ නමුත්, ලොව පුරා සාමය තහවුරු කිරීමේ ක්‍රියාවලියට අදාල අරමුදල තවදුරටත් ශක්තිමත් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් සදහන් කළා.