සිරියාවේ යුද ගැටුම් උත්සන්න වීම ගැන ජගත් මහලේකම් කම්පා වෙයි

Sunday, 25 September 2016 - 8:07

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිරියාවේ - ඇලෙප්පෝ නගරය කේන්ද්‍ර කොට ගෙන ගැටුම් තවදුරටත් උත්සන්න වීම පිළිබදව ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් කම්පාවට පත්වී තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ ප්‍රකාශ කළේ ඇලෙප්පෝ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සදහා ප්‍රබල බෝම්බ යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි.

සිරියානු සටන් විරාමය පසුගිය සතියේ බිද වැටීමෙන් අනතුරුව සිරියානු රජයේ හමුදා කැරලිකරුවන් අත පවතින ඇලෙප්පෝ නගරය යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම උත්සන්න කළා.

ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ ඇලෙප්පෝ නගරයේ මිලියන 2 ක් පමණ ජනතාවට දැන් ජල සැපයුම පවා නතර වී ඇති බවයි.

මෙම තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ජගත් මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබද ගෝලීය කැපවීම දැන් අදුරු යුගයකට පිවිස ඇති බවයි.