ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට උපදෙස් දෙන්න - බ්‍රිතාන්‍ය විශේෂඥයන් දෙදෙනෙක්

Sunday, 25 September 2016 - 13:01

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා විශාරදයන් දෙදෙනෙකු හෙට (26) දිවයිනට පැමිණෙනවා.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන නියෝජිත කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ව්‍යවස්ථාව සරලව කෙටුම්පත් කිරීම පිළිබඳව ශ්‍රීමත් ජෙෆ්රි ජොයෙල් සහ ඩැනියෙන් ග්‍රීන්බර්ග් යන එම ව්‍යවස්ථා විශාරදයන් වැඩමුළුවකට ද එක්වන බවයි.

ලබන 26 වනදා සිට 28 වනදා දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන එම වැඩමුළුවේදී නව ව්‍යවස්ථාව සරල අන්දමින් කෙටුම්පත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරිමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත් කළ මෙහෙයුම් කමිටුව අනුකමිටු 6 ක් පත් කරනු ලැබුවා.

එම අනුකමිටුවල නිර්දේශයන් මේ වනවිට මෙහෙයුම් කමිටු වෙත යොමුකර තිබෙනවා.