එට්කා ගැන සාකච්ඡාවට ඉන්දීය වානිජ ඇමතිනිය හෙට දිවයිනට

Sunday, 25 September 2016 - 13:10

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙලේ දූත පිරිසක් හෙට ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

එම තුන් දින සංචාරයේදී ඉන්දීය වාණිජ ඇමතිනිය මෙරට ජාත්‍යන්තර වෙළඳාම සහ ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම සාකච්ගල්ගමුව, ජයලන්ද ප්‍රදේශයේදී වන අලියකු කළ පහර දීමකින් පුද්ගලයෙකු ගල්ගමුව මුලික රෝහලට ඇතුලත්කර තිබෙනවා.

එම පුද්ගලයා යතුරුපැදියෙන් රැකියාව සඳහා යන අතර මඟදියි මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි  දෙදරු පියෙක් වන අතර යතුරුපැදියට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වලදී දෙරට අතර වෙළඳ, විදේශ කටයුතු, ප්‍රවාහන මෙන්ම විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳව අදහස් හුවමාරු කර ගැනෙනු ඇති.

ජාත්‍යන්තර වෙළඳාම සහ ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අදාළ අමාත්‍යවරුන් සමඟද ඉන්දීය නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම පිලිබඳව ද ඉන්දීය වානිජ කටයුතු ඇමතිනිය මෙරට ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.

අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ එට්කා ගිවිසුම පිළිබඳ දෙවන වටයේ සාකච්ඡා සැප්තැම්බර් 29 වනදා සහ 30 වනදා නවදිල්ලියේදී පැවැත්වෙන බවයි.

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මගින් පත්කළ සාකච්ඡා නියෝජිත කණ්ඩායම් ඒ සඳහා එක්වනු ඇති.

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වන පළමු වටයේ සාකච්ඡා පසුගියදා කොළඹදී පැවැත්වුණා.