මන්ත්‍රී පියල්ට බඹරු අනී

Sunday, 25 September 2016 - 13:15

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%93
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්තට බඹර ප්‍රහාරයක් එල්ල වි තිබෙනවා.

ඒ මන්ත්‍රිවරයා ඔහුගේ පවුලේ සමාජිකයන් සහ තවත් කිහිපදෙනෙකු සමඟ නුවරඑළියේ සති අන්තයේ චාරිකාවක නිරත වු අවස්ථාවේදීයි.

නුවරඑළිය සෙන්පති මැදුරේදී මේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත්තේ ඊයේ පස්වරුවේදීයි.

සෙන්පති මැදුර, පාර්ලිමේන්තු මැති ඇමතිවරු සඳහා නුවරඑළියේ ඉදිකර ඇති නිවාඩු නිකේතනයක් වන අතර බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.