තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පාසල් සිසුවෙකු මරුට

Sunday, 25 September 2016 - 17:46

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කළුතර - වැලිපැන්න - උතුම්ගම ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර අද දහවල් ඇතිවූ ගැටුමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොල්ලකින් පහරදී මෙම සිසුවා ඝාතනය කර ඇති බවටයි.

මෙසේ මියගොස් ඇත්තේ උතුම්ගම ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.

ඔහු අද දහවල් ක්‍රීඩා පිටියට ක්‍රීඩා කිරීම සඳහා ගිය අවස්ථාවේදී තවත් සිසුවෙකු සමඟ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

සිසුවාගේ මෘත ශරීරය මේ වනවිට වෑත්තෑව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා සිසුන් හයදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.