උතුර මහ ඇමතිගේ ප්‍රකාශය රජය පිළිකුළෙන් හෙළා දකී

Sunday, 25 September 2016 - 18:46

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඊයේ යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගණයේ පැවති විරෝධතා රැළියේදී කළ ප්‍රකාශය රජය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දෙමළ මහජන සභාව එම විරෝධතා පා ගමන සහ විරෝධතා රැළිය සංවිධාන කළ අතර, ඊට උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු ප්‍රදේශයේ දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

එමෙන්ම සිංහල ජනතාව උතුරේ පදිංචි කිරීම ගැටළුවක් බවද ඔහු කියා සිටියා.

ඉඩම්, පොලිස්, මූල්‍ය බලතල ලබා දෙන ලෙසද උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද පැවති උත්සවයකදී උතුරේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ එහිදී කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පවා අනවශ්‍ය කරුණක් බවයි.