රාවණා සහ බෙරගල රක්ෂිත ගිනි ගනී - අක්කර 100 ක් විනාශයි

Monday, 26 September 2016 - 6:42

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%99%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
බදුල්ල - රාවණ ඇල්ල සහ බෙරගල රක්ෂිතවල හටගත් ගින්නෙන් අක්කර 100 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රක්ෂිත දෙකේම ඇතිවූ ගිනි මේ වනවිට පාලනය කර ඇති බවයි.  

බදුල්ල - රාවණාඇල්ල රක්ෂිතයේ ඊයේ රාත්‍රීයේ හටගත් ගින්නෙන් අක්කර 100 ක භූමි ප්‍රමාණයක් විනාශ වුනා.

ඇල්ල රක්ෂිතයේ 23 සහ 24 කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයට ගින්න පැතිරීම නිසා ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද ඊයේ බාධා එල්ලවුණා.

බදුල්ල නගර සභාවේ සහ උමා ඔය ව්‍යාපෘතියේ ගිනි නිවීම් ඒකක එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

ගිනි නිවීම සඳහා ජලය එක්රැස් කරගැනීමේදී බාධා මතුවූ බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය සඳහන් කළේ ප්‍රදේශයට පවතින වියලි කාලගුණයත් සමඟ ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති බවයි.

එමෙන්ම දැඩි මීදුම සහ අධික බෑවුම හේතුවෙන් ගින්න පාලනය කිරීමටද අපහසු වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර බෙරගල රක්ෂිතයේ හටගත් ගින්නද අද  අලූයම වනවිට නිවා දමා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් අක්කර 8 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වූ බවයි.  

එමෙන්ම මාතලේ - අම්බොක්ක - කොණ්ඩගල කන්ද රක්ෂිතයේද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත් අතර ඉන් අක්කර 5 ක භූමි ප්‍රමාණයක් විනාශ වුණා.