කෝටි හතරහමාරක් වැය කර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන් රට සවාරියක

Monday, 26 September 2016 - 7:30

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A
රුපියල් කෝටි හතර හමාරක මුදලක් වැය කර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

30 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම  හෙට පිටත්ව යන අතර, තවත් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රුසියාව බලා යාමට නියමිතව ඇත්තේ තවත් මාස 2 කට පසුවයි.

කෘෂිකර්මාන්තය, කාර්මීකරණය සහ සංවර්ධන ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීමේ අරමුණින් මෙම චාරිකාව සංවිධාන කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායකගෙන් විමසීමක් කළ අතර, ඇය කියා සිටියේ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගේ මෙම විදෙස් සංචාරය මීට පෙර සිටි ආණ්ඩුකාරවරියගේ සමයේ අනුමත වූවක් බවයි.

පළාත් සභාවේදී  අදාළ යෝජනාව සම්මත වී  ඇත්තේ පසුගිය වසරේදියි.

මෙම විදෙස් සංචාරය සඳහා රුපියල් කෝටි හයහමාරක මුදලක් ඇස්තමේන්තු කර තිබුණත්,  ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් කපා හැරි බව ආණ්ඩුකාරවරිය  සඳහන් කළා.

මීට අමතරව විදෙස් සංචාරය සඳහා ඇතුළත් කර තිබූ නම් ලැයිස්තුවෙන් නියමිත නිර්ණායකයන්ගෙන් පරිබාහිර පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් ඉවත් කළ බවද ඇය කියා සිටියා.