ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එට්කා ගැන කථා කරන්න විදේශීය නියෝජිතයන් දිවයිනට

Monday, 26 September 2016 - 7:49

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා විශාරදයන් දෙදෙනෙකු අද  දිවයිනට පැමිණීමට නියමිතයි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන නියෝජිත කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ව්‍යවස්ථාව සරලව කෙටුම්පත් කිරීම පිළිබඳව ශ්‍රීමත් ජෙෆ්රි ජොයෙල් සහ ඩැනියෙන් ග්‍රීන්බර්ග් යන එම ව්‍යවස්ථා විශාරදයන් වැඩමුළුවකට ද එක්වන බවයි.

අද සිට අනිද්දා දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන එම වැඩමුළුවේදී නව ව්‍යවස්ථාව සරල අන්දමින් කෙටුම්පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරිමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත් කළ මෙහෙයුම් කමිටුව අනුකමිටු 6 ක් පත් කරනු ලැබුවා.

එම අනුකමිටුවල නිර්දේශයන් මේ වනවිට මෙහෙයුම් කමිටු වෙත යොමුකර තිබෙනවා.

මේ අතර  ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙලේ දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

තුන් දින සංචාරයක් සඳහා පැමිණෙන ඇය මෙරට ජාත්‍යන්තර වෙළඳාම සහ ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම එට්කා ගිවිසුම පිලිබඳව ද ඉන්දීය වානිජ කටයුතු ඇමතිනිය, මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමඟ මෙහිදී අදහස් හුවමාරු කර ගනු ඇති.

එට්කා ගිවිසුම පිළිබඳ දෙවන වටයේ සාකච්ඡා සැප්තැම්බර් 29 වනදා සහ 30 වනදා නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත බවයි  ජාත්‍යන්තර වෙළඳාම සහ ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වන පළමු වටයේ සාකච්ඡා පසුගියදා කොළඹදී පැවැත්වුණා.