ගුවන් ප්‍රහාරවලින් නැගෙනහිර ඇලෙප්පෝ හි 85 ක් මරුට

Monday, 26 September 2016 - 9:25

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%87%E0%B6%BD%E0%B7%99%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D+%E0%B7%84%E0%B7%92+85+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ - ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 85 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ කැරළිකරුවන් ඉලක්ක කරගනිමින්  සිරියානු හමුදා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් තවත් 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

නිවාස පිහිටි ප්‍රදේශයකට මෙම ගුවන් ප්‍රහාර එල්ලවී ඇති බවද වාර්තාවනවා.

මේ අතර ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතර පුද්ගලයන් සිර වී ඇති බව වාර්තා වන අතර රෝහල් කරා පැමිණෙන තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දීම අසීරු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එසේම අලෙප්පෝ නගරයේ ලක්ෂ විස්සකට ආසන්න සාමාන්‍ය ජනතාවට පානීය ජලය නොමැති තත්වයක් උද්ගත වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.