විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට

Monday, 26 September 2016 - 10:48

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අද පැය හතකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත්තා.

ඒ, පසුගිය රජය සමයේ නිවාස, ඉංජිනේරු හා ඉදිකිරීම් අමාත්‍යවරයාව කටයුතු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන අවභාවිතා කළ බවට එල්ල වී ඇති චෝදනා පිළිබදවයි.

අද උදෑසන 10.30ට පමණ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර පස්වරු 5.10 වන තුරු ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.