රිය අනතුරකින් පේරාදෙණිය සරසවියේ සිසුවෙකු ජීවිතක්ෂයට

Monday, 26 September 2016 - 11:28

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පේරාදෙණිය - හිඳගල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වැලි පැටවූ ටිපර් රථයක් ඔහු පැදවූ යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ රත්නපුර නව නගරය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.