පළාත් සභා මන්ත්‍රිවරයෙකුගේ ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී එක් අයෙකු මරුට

Monday, 26 September 2016 - 11:30

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලවාය - මොණරාගල ප්‍රධාන මාර්ගයේ පලාරුව ප්‍රදේශයේදී ඌව පළාත් සභා නිදහස් සන්ධාන මන්ත්‍රී හරීන්ද්‍ර ධර්මදාස ගමන් ගත් ජීප් රථයේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙක්.