එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට නොතීසි

Monday, 26 September 2016 - 13:15

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව අධිචෝදනා භාරදීම සඳහා ඔක්තොම්බර් මස 19 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරුණා.

ඒ කූඨ ලේඛන සැකසීමේ ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා මොහුට එරෙහිව ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේ අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීයි.

2014 වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කළේ යැයි මොහුට විරුද්ධව චෝදනා එල්ල වුණා.

එමඟින් ජනාධිපති මැතිවරණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි පවසමිනුයි නීතිපතිවරයා පසුගිය 09 වැනිදා මහාධිකරණය හමුවේ මොහුට එරෙහිව නඩු පවරනු ලැබුවේ.

මෙම සිද්ධිය තුලින් ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීම, ජනවර්ග අතර අසමගිය ඇති කිරීම සහ කූට ලේඛන සකස් කිරීම විත්තිකරුට එල්ල වන චෝදනායි.

මෙම ක්‍රියා කලාපය මගින් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිය පිළිබඳ සම්මුතියද උල්ලංඝනය වී ඇති බව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ පෙන්වා දී තිබුණා.