බණ්ඩාරනායක ගුණ සමරුව අද හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය අසලදී

Monday, 26 September 2016 - 13:19

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B6%AF%E0%B7%93
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 57 වන ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය අසළ පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන්.  

ඒ සඳහා හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුලූ පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකද එක්ව සිටීම විශේෂත්වයක්.