ජලය ඉල්ලූ විරෝධතාව නිසා මහනුවර - බදුල්ල මාර්ගය අවහිරයි

Monday, 26 September 2016 - 13:34

%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+-+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පිරිසිදු පානීය ජලය ඉල්ලා මහනුවර, තලාතුඔය, අනුරගම ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ සිට විරෝධතාවක නිරතවනවා.

ඒ, මහනුවර - බදුල්ල  ප්‍රධාන මාර්ගය අනුරගම මංසන්ධියෙන් අවහිර කරමින්.  

මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම ප්‍රදේශයට ජලය ලබාදීම සඳහා 2014 දී ව්‍යාපෘතියක් ආරම්භ කළද එය මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.