උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම පිළිබද නියෝගය 30 වැනිදා

Monday, 26 September 2016 - 13:55

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+30+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවා ද නැද්ද යන්න පිළිබදව නියෝගය මේ මස 30 වනදා ලබාදෙන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද ප්‍රකාශ කළා.

ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකට අනුවයි.

2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම උදයංග වීරතුංග හිතාමතා මග හැර ඇති බවට එම කොට්ඨාශය අධිකරණය හමුවේ අද කියා සිටියා.

මේ නිසා මොහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ.