කිලිනොච්චියෙන් කේරළ ගංජා කිලෝ 82 ක් සොයා ගැනේ

Monday, 26 September 2016 - 13:59

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+82+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කිලිනොච්චි - පලෙයි - මරදන්කර්නි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 82 ක් සොයා ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ නාවික හමුදාව එක්ව කරන ලද මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී සොයා ගත් මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි 23 ලක්ෂයක් බව සදහන්.

මෙම කේරළ ගංජා මෙරටට ගෙන්වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.