සාමයට බාධා කරන්න විග්නේෂ්වරන්ට අයිතියක් නැහැ. - එජාපය

Monday, 26 September 2016 - 18:46

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA
දේශපාලන විසඳුම, උතුර - නැගෙනහිර පළාත් එකතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දෙමළ මහජන සභාව සංවිධාන කළ රැස්වීමක් පෙරේදා යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.සිද්ධාර්තන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

ඔවුන් රැස්වීම ආරම්භ කළේ නල්ලූර් කෝවිල සහ යාපනය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ පාගමනකින් පසුවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදත් විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අදහස් පළ කළා.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අදාළ විරෝධතාව සදහා රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇති බැවින් ඔහුට ද නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවධියෙන් සිටින බවයි.

සාමය ඇති කරන චේතාවෙන් රජය කටයුතු කරන අවස්ථාවකදී උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට එවැනි ප්‍රකාශයක් සිදුකිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් කෑගල්ලේ අද පැවැති උත්සවයකින් අනතුරුව ප්‍රකාශ කළේ.  

සමාජවාදී ජනතා පෙරමුණ අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර කියා සිටියේ ඉතිහාසයේ පාඩම් අමතක කොට ජනතාව මුලා කිරීමට පටු දේශපාලනයට ඉඩ නොදිය යුතු බවයි.

උතුරේ මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට ද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබුණ ද ඒවා ලබාදීමේ අයිතිය ඇත්තේ මධ්‍යම රජයට පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මෙය උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ඇතුළු නායකයන් කැපී පෙනීමට ගන්නා උත්සාහයක් බවයි සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියේ.