පක්ෂ කැඩීම රාජපක්ෂවරුන්ගේ විනෝදාංශයක් වෙලා

Tuesday, 27 September 2016 - 7:29

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම ඇතැම් අයගේ විනෝදාස්වාදයක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වෙනුවෙන් ඊයේ පස්වරුවේ වේයන්ගොඩ නගරයේ පැවති ගුණානුස්මරණ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කළා.

මේ අතර එම ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය සිය පාලන කාලය තුළදී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ සේවය පිළිබදව ද අදහස් පළ කළා