Update : මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩගැනේ

Tuesday, 27 September 2016 - 7:31

Update+%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගැනීමේ ක්‍රියාවලිය බොරැල්ල සුසාන භූමියේදී දැන් ආරම්භ වී තිබෙනවා.

ඒ, ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන්ගේ නියෝගයකට අනුවයි.

ඔහුගේ දේහය ගොඩ ගැනීමට පසුගිය 22 වන දා අධිකරණ නියෝගය ලබාදුන් මොහොතේ පටන් බොරැල්ල සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංගගේ සොහොන් කොත වෙත විශේෂ පොලිස් ආරක්ෂාව ද යොදා තිබුණා.

කෙසේ වෙතත් දැන් ගොඩ ගැනෙන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය පිළිබදව අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

Update : Tuesday, September 27, 2016 10.26
-----------------------------------------------------------

ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.

බොරැල්ල සුසාන භූමියේදී ඔහුගේ දේහය ගොඩ ගැනෙන්නේ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන්ගේ නියෝගයකට අනුවයි.

ඔහුගේ දේහය ගොඩ ගැනීමට පසුගිය 22 වන දා අධිකරණ නියෝගය ලබාදුන් මොහොතේ පටන් බොරැල්ල සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංගගේ සොහොන් කොත වෙත විශේෂ පොලිස් ආරක්ෂාව ද යෙදවීමට කටයුතු කෙරුණා.

කෙසේ වෙතත් අද පෙරවරුවේ දේහය යළි ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් නැවත ඔහුගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ද නියමිතයි.