Update : ගාල්ල සෙලවීමට හේතු වූ මුහුදේ සිදුවූ දේ

Tuesday, 27 September 2016 - 7:48

Update+%3A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද අලුයම් කාලයේ බලපෑ චලනය ගාල්ලට නුදුරෙන් මුහුදේ සිදුවූ භූ කම්පනයක් නිසා සිදුවූවක් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න කියා සිටියේ ගාල්ලේ සිට කිලෝමීටර් 25ත්, 30ත් අතර දුරකින් වූ මුහුදු පත්ලේ සිදුවූ එම කම්පනය රික්ටර් පරිමාණයට අනුව 3කට අඩු කම්පනයක් බවයි.

එය බොහෝදුරට ස්වභාවික භූ කම්පනයක් විය හැකි බව ද ඔහු කියා සිටියා.  

කෙසේ නමුත්, පසුගිය පැය 24 තුළ ඉන්දීය සාගරයේ ඉන්දුනීසියාවට ඔබ්බෙන් ද භූ කම්පන වැළක් සිදුවුණා.

එවැනි ආසන්නතම භූ කම්පනය ඉන්දියාවට අයත් නිකොබාර් දිවයින් වලට ඔබ්බෙන් සිදුවී ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණය අනුව 4.7ක්. ගාල්ලට බලපෑ කම්පනය එහි අතුරු ප්‍රතිඵලයක් ද යන්න පිළිබදව ද භූ විද්‍යා කාර්යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.


Update : Tuesday, September 27, 2016 13.09
-------------------------------------------------------------

ගාල්ල ප්‍රදේශයේ අද උදෑසන සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය ප්‍රකාශ කළා.

මෙම  භූ චලනය ගාල්ල, හික්කඩුව, රත්ගම, කලේගාන, බද්දෙගම, නුගදුව, බූස්ස, ඇතුලු ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවටයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

අද පෙරවරු 5.45ට පමණ මෙම තත්වය ඇති වූ බවටයි වාර්තා වන්නේ .