හෘද සැත්කම් අද අඩපණ වෙයි ?

Tuesday, 27 September 2016 - 8:08

%E0%B7%84%E0%B7%98%E0%B6%AF+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
රජයේ රෝහල් තුළ සිදුකෙරෙන හෘද සැත්කම් අද සිට අඩපණ වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ රජයේ හෘද පෙනහළු නිරීක්ෂණ සංගමය අද දිනයේදී දියත් කිරීමට සුදානම් වන වැඩවර්ජනය හේතුවෙන්.

පසුගිය අයවැය මගින් රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව සහ අතිකාල දීමනා ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 5 ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ සභාපති මංගල ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල සහ මහනුවර මහ රෝහල තුළ වර්ජනය ක්‍රියාත්මක  කිරීමට සැළසුම් කර තිබෙනවා.

දිනකට මෙම රෝහල් තුළ සිදු කෙරෙන හෘද සැත්කම් සංඛ්‍යාව 16 ක්.  

තමන් දියත් කරන වර්ජනය නිසා අද උදෑසන සිට මෙම රෝහල් තුළ හෘද සැත්කම් සිදු නොකරන බවයි රජයේ හෘද පෙනහළු නිරීක්ෂණ සංගමයේ සභාපති මංගල ජයසිංහ වැඩිදුරටත් කියා සිටියේ.