කටානේ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Tuesday, 27 September 2016 - 8:27

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මීගමුව - දිවුලපිටිය මාර්ගයේ කටාන ජාතික පොලිස් අභ්‍යාස විදුහල ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස නතර කර තිබූ කන්ටේනර් රථයක ඔවුන් ගමන් ගනිමින් සිටි යතුරුපැදිය ගැටීමෙන් ඊයේ රාත්‍රී 10.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරෙන් මිය ගියේ කටාන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

රාජකාරී කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ කන්ටේනර් රථයේ ඉන්ධන අවසන්වීම නිසා එය මාර්ගයේ මැද නතර කර තිබී ඇති අතර එම අවස්ථාවේදී ඊට පිටුපසින් පැමිණි යතුරුපැදිය එහි ගැටී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ජීවිතක්ෂයට පත්වූ එක් පොලිස් නිලධාරියෙකු කඩුවෙල - නවගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, අනෙක් පොලිස් කොස්තාපල්වරයා වලස්මුල්ල - කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහකයෙකු බව පොලීසිය සදහන් කළා.