Update : ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂක විවාදය අවසන්

Tuesday, 27 September 2016 - 9:06

Update+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙපළ වන ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර ප්‍රථම රූපවාහිනී විවාදය අද පැවැත්වුණා.

එහිදී ඔවුන් ඇමරිකානුවන් සඳහා රැකියා ජනනය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තර්ක විතර්කවල නිරත වුණා.

ඇමරිකානුවන්ගේ රැකියා රටින් පළා යන බව පැවසූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්, කළු ඇමරිකානුවන් මිහිපිට අපායක ජීවත් වන බව කියා සිටියා.

ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මෙහිදී කියා සිටියේ තමාගේ පෞද්ගලික ඊමේල් පණිවුඩ ප්‍රසිද්ධියට පත්වීම අත්වැරදීමක් බවයි.

නිව්යෝක් නුවර දී පැවති මෙම රූපවාහිනී විවාදය මිලියන 100 ඉක්ම වූ ජනතාව නරඹන අතර එය ලොව වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී විවාදය විය හැකි බව ද විචාරකයන් පෙන්වා දුන්නා.

Update :

ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ ප්‍රථම විවාදය මීට සුළු වෙලාවකට පෙර Hofstra University හිදී ආරම්භ වූවා.

මෙම විවාදය අතරතුරදී හිලරි විසින් Trump සහ රුසියානු ජනධිපති පුටින් අතර පවතින සම්බන්දතා ඇමෙරිකාවට අහිතකර බව පෙන්වා දුන්නා.

එහිදී බොහෝදෙනෙකුගේ අවධානය තමන් වෙත යොමුකර ගනිමින්  Trump ප්‍රකාශ කළේ හිලරි ජනපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් තමන් හැකි උපරිම සහයෝගය හිලරි වෙත ලබා දෙන බවයි.

කෙසේ වෙතත් මෙම විවාදය පිළිබඳව මේ වන විට එරට සෑම පුරවැසියෙක් තුලම විශේෂ කතාබහක් ඇතිවී තිබෙනවා බවටයි එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

University of Virginia හි දේශපාලන කේන්ද්‍රයේ සම කතෘවරයා ඇතුළු සිසුන් මෙම විවාදය පිළිබඳව දැක්වුයේ මෙවන් අදහසක්.



(සඳුන් අරෝෂ ප්‍රනාන්දු )