දීප ව්‍යාප්ත ජාතික මදුරු මර්දන සතියක්

Tuesday, 27 September 2016 - 8:50

%E0%B6%AF%E0%B7%93%E0%B6%B4+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද සිට ලබන ඔක්තෝම්බර් 3 වන දා දක්වා සතියක කාලයක් දීප ව්‍යාප්ත ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බලකායේ සහය ඇතිව මෙම මදුරු මර්දන සතියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 346ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුරය, මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවල මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් පවතින හෙයින් එම ප්‍රදේශ ඉලක්ක කරගෙන වැඩි වශයෙන් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

සැප්තැම්බර් 28 සහ 29 යන දිනවල දිවයින පුරා සියලූම පාසල්වල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 65ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ ඩෙංගු රෝගීන් 40,361 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය වසරට වඩා රෝගීන් 11,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.