කාශ්මීර සිහිනය අත්හරින්න - ඉන්දියාව පාකිස්තානයට කියයි

Tuesday, 27 September 2016 - 8:53

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජම්මු කාශ්මීරය තවදුරටත් ඉන්දියාවෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර, කාශ්මීරය සඳහා තම සිහිනය අත්හරින්නැයි ඉන්දියාව ඊයේ ජගත් සංවිධානයේදී පාකිස්තානය වෙත අනතුරු ඇගවීමක් කළා.

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් ඊයේ ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ පාකිස්තානය ත්‍රස්තවාදීන්ට ජීවයක් ලබාදීමට කටයුතු කරන බවයි.

පසුගිය දා කාශ්මීරයේ ඉන්දීය හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඇය ඍජුවම චෝදනා කළේ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම්වලටයි.