මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත නිදහස් වෙයි

Tuesday, 27 September 2016 - 10:23

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.

කොළඹ 07 කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවෙන් රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 04ක් මත මන්ත්‍රීවරයා මුදා හැරුණා.

කිංසි පාරේ නිවසක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 270ක මුදලක් උපයාගත් ආකාරය හෙලි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය 15 වැනිදා මන්ත්‍රීවරයා රහස් පොලිිසිය විසින් අත්අඩංගුනට ගත්තා.

එමෙන්ම ක්‍රීඩා උපකරණ ආනයනේදී සහ බෙදා හැරීමේදී රුපියල් මිලියන 53ක රජයේ මුදල් අවභාවිත කළේ යැයි අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවටද මන්ත්‍රීවරයාට අද ඇප ලබාදුන්නා.