දකුණු කොරියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 3 දෙනෙක් අතුරුදන්

Tuesday, 27 September 2016 - 10:42

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
දකුණු කොරියානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ඊයේ රාත්‍රියේ මුහුදට කඩා වැටීමෙන් එහි සිටි තුන්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

මෙය ඇමරිකානු හමුදා සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට එක්වූ දකුණු කොරියානු හෙලිකොප්ටර් යානයක්.

මෙම යුද අභ්‍යාසය සංවිධාන කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය දා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.